'❤❤Subscribe us for more videos ❤❤ how to motivate school students in sri lanka .දරුවෙක් නරක දරුවෙක් කියල ගුරුවරුන්ට අයින් කරන්න බැහැ පාසලක් කියන්නේ කර්මාන්ත ශාලාවක් වගේ. කර්මාන්ත ශාලාවට එන්නේ නැහැ නිමි භාණ්ඩයක්.එන්නේ parts.parts හයි කරන්න ඕනි ගුරුවරු. දරුවගේ අඩුපාඩු තියෙනවනම් ප්‍රසිද්ධියේ කතා නොකර තනිව කතා කර පහදා දිය යුතුයි.දරුවන් දිරිමත් කිරීමෙන් නැති කුසලතා ඉස්මතු කර ගත හැකිය . ගුරුවරයෙක් all rounder විය යුතුයි.නිශ්පාදන අධ්‍යාපනයත් දැන් තිබෙන අධ්‍යාපනයත් අතර වෙනස . දක්ෂයින් අදක්ෂයින් ලෙස දරුවන් ශ්‍රේණි ගත කල හැකිද?.ඔව් පුළුවන් 1 සිට 13 දක්වා පමණයි.බදුල්ලේ වගේ නෙවෙයි ඇතිමලේ ළමයි හරි දක්ෂයි.කිසාගෝතමිය ලෙස ක්‍රියාවෙන් අවබෝධයෙන් දරුවාට දෙයක් තෙරුම් කර දීමට ළමා මනස ගුරුවරයා තෙරුම් ගත යුතුය.දේවදත්තට කතා කරන විදියට කිසාගෝතමියට බුදුන් කථා කලේ නැහැ.ඉන්ජිනේරුවන් වෛද්‍යවරුන් බිහි කරීමට වඩා ආධ්‍යාත්මික ගුණයෙන් යුත් මිනිසෙක් බිහි කිරීම වටිනවා. ගුරුවරුන් දෙමාපියන් නැරඹිය යුතුම විඩියෝවකි -ළමා මනස තෙරුම් අරන් උගන්වමු ................................................ දරුවන්ට නිවැරැදි දේ පහසුවෙන්ම උගන්වන්න කියල දෙන්න මෙවැනි අගය කිරීමේ ක්‍රමයක් අනුගමනය කරන්න .(වයස අවුරුදු 03- 15) දරුවන්ට පහසුවෙන්ම නිවැරැදි දේ උගන්වන්න කියල දෙන්න දෙමාපියන් ලෙස ඔබට අවශ්‍ය නම් ඒ සදහා අගය කිරීමේ ක්‍රමවේදයක් චාර්ට් එකක් සාදා ගැනීම ලෝකයේ දැනට යහපත් දෙමාපියභාවය පිලිබදව කතා කරන බොහෝ දෙනෙකු අනුගමනය කරන ඉතාමත් සාර්ථක ක්‍රමවේදය වෙනවා . දරුවන් තමන් කරන කියන යහපත් දේවල් හොඳ වැඩ සදහා ඒ මොහොතේ ම තමන්ගේ දෙමාපියන්ගෙන් ගුරුවරුන්ගේන් ඊට යහපත් ප්‍රතිචාර ලබා ගන්න ඉතාමත් කැමති පිරිසක්. ඒ වගේම තමයි අපි දෙමාපියන් ලෙස අපේ දරුවන්ගෙන් අපේක්ෂා කරන යහපත් දේවල් දරුවාට හුරුපුරුදු කර එම හැසිරීම් දිගින් දිගටම අපේ දරුවන්ට හුරුපුරුදු කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒ සදහා දරුවන් අතින් එවැනි හොඳ දේවල් යහපත් දේවල් සිදුවන ඒ මොහොතේ දීම ඔවුන් දිරිමත් කරමින් අගය කරන්න එය සියලුම දෙනාට දැක ගත හැකි පරිදි යම් ක්‍රමවේදයක් සකස්කර ගන්න පුලුවන් නම් එය ඉතාමත් සාර්ථක වෙනවා වගේම යහපත් හැසිරීම් දරුවාට පහසුවෙන්ම හුරුපුරුදු කරන්න පුලුවන් වෙනවා . ඒ සදහා ඔබට අගය කිරීමේ චාර්ට් එකක් සාදා ගන්න පුලුවන් . විශේෂයෙන්ම දරුවන් දෙමාපියන්ගෙන් හොඳ නම දිනාගන්න ඉතාමත් කැමති නිසා ඔබට පුලුවන් මෙවැනි ක්‍රියාකාරකම් හරහා දරුවන් උනන්දු කරවන්න . ඒ වගේම මෙවැනි අගය කිරීමේ චාර්ට් එකක් ඔබගේ දරුවා අයහපත් හැසිරීම් උපහාසයට ලක් කරන්න කිසි විටෙකත් යොදා ගන්න එපා .උදාහරණයක් ලෙස යහපත් හැසිරීම් හෝ හොඳ වැඩ සදහා ඔබගේ දරුවා අදාල සතිය සදහා ගනු ලැබුවේ එක ස්ටිකරයක් පමනක් යැයි සිතන්න . එය උපහාසයට ලක් කරන්න එපා . ලබන සතියෙහි ස්ටිකර් දෙකක් ගනු ලබන ආකාරයට දිරිගැන්වීමක් ලෙසින් උනන්දු කිරීමක් ලෙසින් යොදා ගන්න ඔබට පුලුවන් . මෙවැනි අගය කිරීමේ චාර්ට් එකක් නිවැරැදි සාදා ගනු ලබන්නේ කෙසේද යන්න පිලිබදව අපි බලමු. ❤️❤ ඔබ දරුවාගෙන් බලාපොරොත්තු වන නිෂ්චිත හැසිරීම් හෝ යහපත් ක්‍රියාකාරකම් මොනවාද යන්න නිවැරැදි ලෙස හදුනා ගන්න . ඔබ දරුවාගෙන් පලමුවෙන්ම අපේක්ෂා කරන නිවැරැදි හැසිරීම මොකක්ද යන්න සලකා පලමුවෙන්ම ඒ සදහා අවධානය දෙන්න . ඔබට ඔබගේ දරුවාගේ කතා කල යුතු හැසිරීම් කිහිපයක් පලමුව ගන්න .මුලින්ම සරලව පටන් ගැනීම ඉතාමත් වැදගත් . ඔබ අපේක්ෂා කරන දරුවන් තුළ පවතින ගැටලුකාරී හෝ අයහපත් යැයි සැලකෙන හැසිරීම් කිහිපයක් එකවර ගැනීම දරුවාට පැටලිලි සහගත විය හැකි බැවින් නිවැරැදි හැසිරීම් කුමක්දැයි දරුවාට හොඳින් අවබෝධ වන පරිදි හැසිරීම් දෙකක් හෝ තුනක් පමනක් මුලින්ම ගන්න . ඒ වගේම එහිදී අදාල හැසිරීම් හෝ ක්‍රියාකාරිත්වය සම්බන්ධ ඔබ යහපත් අයහපත් ලෙස සැලකෙන දේවල් පිලිබදව දරුවාට පැහැදිලි ලෙසින් අවබෝධ කරදීම ඉතාමත් වැදගත් . උදාහරණයක් ලෙස ඔබට දරුවාට හුරුපුරුදු කල යුතු යහපත් දෙයක් හිතන්න . රූපවාහිනියට ඇබ්බැහි වීම ගතහොත් ඔබ දරුවාගෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි පැහැදිලිව දරුවාට පහදා දෙන්න . කාර්ටූන් බලන වේලාව හවස 5 සිට 5.30 හෝ 5. 45 බවත් (දරුවන් බලන්න ආසා කරන වැඩසටහන් යන හොදම වේලාවක් ගන්න ) ඉන්පසුව රූපවාහිනිය වසා දමා කල යුතු දේවල් පිලිබදවත් එලෙස රූපවාහිනිය බැලීමට නම් මුලින්ම අවසන් කල යුතු පාසල් ගෙදර වැඩ ටික පිලිබදව දරුවාට පැහැදිලි ලෙසින් කියන්න ඔබට පුලුවන් . ඒ වගේම උදෑසන අවදිවීමට පාසල් යෑමට සූදානම් වීමට අකමැති පොඩිදරුවන් සදහා එලෙස අවදි විය යුතු වේලාව , මුහුණ සෝදා සූදානම් විය යුතු ආකාරය පැහැදිලි ලෙස දැනුවත් කරන්න . සෙල්ලම් කර තමන්ගේ සෙල්ලම් බඩු පිලිවෙලකට තබා ගන්න හුරුපුරුදු නැති දරුවන් සදහා ඒ ආකාරයට සෙල්ලම් කර අවසන් වූ විට නැවතත් සෙල්ලම් බඩු ටික පිලිවෙලකට අසුරා තැබීමට පෙට්ටියක් හා අදාල පෙට්ටිය නැවතත් තැබීම සදහා සුදුසු ස්ථානයක් වෙන කර දරුවාට කියල දෙන්න පුලුවන් .ඒ වගේම මෙම යහපත් හැසිරීම් පිලිබදව කතා කරන විට එය දරුවා කරන වැරැද්දක් ලෙසින් නම් කර දරුවාට පැහැදිලි කිරීමට වඩා එවැනි ගැටලු කාරී තැන් යහපත් ආකාරයට දරුවාට පැහැදිලි කරන්න උත්සාහ ගැනීම දරුවන්ගේ පුංචි හිත් සදහා ඉතාමත් වැදගත් වෙනවා . උදාහරණයක් ලෙසින් පුංචි දේ සදහාත් තමන්ගේ නංගිලා මල්ලිලාට පහර දීමට යොමු වූ දරුවෙකු හිතන්න. \"\"මල්ලිට ගහන්න එපා \"\" කියල කියනවට වඩා මල්ලි එක්ක සෙල්ලම් කරන විට දවසේ වැඩකටයුතු කරන විට හැම වෙලාවේදිම මල්ලිට රිදෙන්නේ නැති වෙන්න මල්ලිව අල්ලන්න උත්සාහ ගන්න වැනි ආකාරයට දරුවාට කියන්න උත්සාහ ගන්න .දරුවාගේ වැරදි අයහපත් හැසිරීම සදහා දඩුවමක් ලෙසින් නොව දරුවාගේ යහපත් හැසිරීම් අගය කිරීම සදහා මෙම චාර්ට් එක ඔබ යොදා ගන්න බව දරුවාට හැගෙන්නට ඉඩ හැරීම මෙය සාර්ථක වීම සදහා ඉතාමත් වැදගත් වෙනවා . .❤️❤️ දරුවන්ගේ යහපත් හැසිරීම් අගය කරන්න වේලාව නිෂ්චිත ලෙස තබා ගන්න .❤️❤️ අගය කිරීම සදහා ලොකු ලොකු තෑගි ලබා දීම ❤️❤️ දරුවාට ලගා කරගන්න නියමිත ඉලක්කයක් සැමවිටම දෙන්න #ගුරුවරුන් #දෙමාපියන් #ළමාමනස'
Tags: how to , motivation , school , education , motivate , children , child , students , sri lanka , teacher , teachers , motivate school students , uva , Uva tv , monaragala , ඌව , ඌව පුවත් , මොණරාගල , ගුරුවරුන් , ගුරුවරු , දෙමාපියන් , නැරඹිය යුතුම විඩියෝවකි , ළමා මනස , ළමා , මනස , උගන්වමු , ගුරුවරුන්ට , පාසලක් , පාසල , ගුරුවරු. , දරුවගේ , දිරිමත් , දරුවන් දිරිමත් කිරීම , කුසලතා , ඉස්මතු , ගුරුවරයෙක් , නිශ්පාදන අධ්‍යාපනය , දක්ෂයින් , අදක්ෂයින් , ඇතිමලේ , ළමයි , බුදුන් , ආධ්‍යාත්මික , ගුණයෙන් , උගන්වන්න , අගය කිරීම , අනුගමනය කරන්න , srilanka school
See also:
comments